ආයුබෝවන් ‍ඔබ ආදරයෙන් පිළිගනිමි..
Grab Widget

ලෝකෝපකාරය

සාහිත්‍ය මාසෙත් ඉවර වුණානේ......... ඉතින් අළුත් පොතක් දෙන්නත් ටිකක් කල් ගියා.ඔන්න මේ පාර  හෙළ පද්‍ය සාහිත්‍යයේ තවත් අපූර්වතම නිර්මාණයක් ‍වන "ලෝකෝපකාරය" දෙන්න හිතුවා.. මේක අවවාදාත්මක 
කෘතියක්. බෞද්ධ පසුබිම තුල බිහිවුණ අපේ හෙළ සිරිත් රැක ගන්න තමයි මේ‍ කෘතියෙන් අපට උ‍පදෙස් දෙන්නේ...  බුදු දහම හා ජාතක කථා අනුසාරයෙන් තමයි වැඩිපුරම උපදෙස් තියෙන්නේ.. ඉතින් ඔයාලත් කියවල බලන්න. මේ කෘතියෙනුත් අපේ හෙළ සාහිත්‍යයේ අපූර්වත්වය විඳින්න පුළුවන්..





  

ධම්ම පදයෙන්.....


ධම්ම පදය කියන්නේ බෞද්ධයාගේ අත්පොත නේ. අපේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ රචනා කරපු "අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය" පොත් ටික කියවන්න ලැබුන පසුගිය දවස් ටිකේ . ඔයාලත් ඉඩ තියෙන වෙලාවක කියවන්න. හරිම ලස්සනයි. මහමෙව්නාව official blog site එකට ගියාම කියවන්න පුළුවන්

සිරිත් මල්දම..........

හොඳ නොහොඳ දෙක        මය
හොඳ නොහොඳ අයගෙන්   මය
ගඳ සුවඳ දෙක                  මය
ගඳ සුවඳ එම දෙයින් වනු     මය



ආදර්ශවත් දරු පරපුරක් බිහි කිරීම උදෙසා ඔවුන්ට හොඳ නරක කි‍යාදෙන හෙළ පද්‍ය සංග්‍රහය. " සිරිත් මල්දම "  ඇම්. ඇල් සිල්වා ගුරු මුහන්දිරම් තුමා විසින් රචනා කරන ලද්දකි. යහපත් දරු පරපුරක් බිහිකිරීම සඳහා මේ ඔවදන් ඔබට හැකි පමණින් දරුවන් ට ලබා දෙන්න.......  
සිරිත් මල්දම 1 හා 2 කොටස් හි අන්තර්ජාල සංස්කරණයන් පහත යොමු මගින් බාගත කරගත හැක.

වෙසක් සුභ පැතුම්


ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....

ජාතික තොටිල්ල

ජාතික නිදහස උදෙසා කවිය අවිය කරගත්, නිදහස් සටන සඳහා ලාංකික ජනයා සිත් පුබුදුවා ලූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් රචිත "ජාතික තොටිල්ල" පද්‍ය නිර්මාණය එදා ට  වඩා අද ට බොහෝ වැදගත් යැයි සිතිය හැක. මන්ද යත් එවකට ඉංග්‍රීසීන්ට යටත් ව සිටියදී පැවති ගති අද ඔවුනගෙන් වෙන් ව සිටියද ජනයා අතරින් වෙන් ව ගිය බවක් නොදකින හෙයිනි.

 "ජාතික තොටිල්ල" PDF ගොනුව පහත යොමුව මගින් බා ගත හැක.

 
Home | Gallery | Tutorials | Freebies | About Us | Contact Us

Copyright © 2009 පියවි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.