ආයුබෝවන් ‍ඔබ ආදරයෙන් පිළිගනිමි..
Grab Widget

මේ සිංදුව ගැන.....

මේ සිංදු දෙක ගැන ම බලන්න. ජීවිතය දෙපැත්තට ම යන්න දායක වෙන ජීවන සහකාරීය ගැන,,,,,

අතිනත ගත් දා ඉඳලා,
තම හිමිට සරණ දූ පුතුන් සරණ කළ
බිරින්ඳෑ වරුන් සංසාරේ
බුදු වරු වෙන්නද පෙරුම් පුරන්නේ..//
බිරින්ඳෑ වරුන් සංසාරේ....//

කරදර ලිපලා උයාපිහා ගෙන
සැමියාටයි දරුවන්ටයි කවලා
උන්ගෙම සතුටින් කුස පුරවා ගෙන
දුක් ගිනි කන්දක සැතපෙනවා...

අතිනත ගත් දා ........

කඳුලැළි වියළා හදතුල සඟවා
සෙනෙහස ආදරයෙන් බෙදලා
ගෙයි ගිනි ලිප මුල්ලකට දමාලා
සත් ගුන පමණක් මොලවනවා.....

අතිනත ගත් දා ........

------------------------------------------------

වනේ සතෙකුටත් නොවන්න අ‍නේ මගෙ දුක,
හදේ තියෙන වේදනාව ගහේ කටු මෙන,
ලයේ සැඟවුනා මදිවට අහෝ දෙන වධ,
සහේ ගිලිහුණා යන්තම් සුරැකුනා පණ...

හිතේ කටු අකුලෙ පීදෙන සොඳුරු මල් මත,
පෙනේ මඩ වගුර ඉහිරෙන අයුරු නිතරම,
ආයෙ පන්තියට ගියමුත් අකුරු කර කර,
නොවේ මල පොතක දැනුමක් වධක භාරිට...

වනේ සතෙකුටත් ......

ඉහේ මල් පිපුන ලස්සන දුටුව දවසෙ දී,
ඇහේ ඇති බබා සෙලවුණි නැහෑගෙන් මිදී,
මහෝදරට චූලෝදර වගෙයි ගෙදර දී,
නොවේ තරු නොදුටු දවසක් ජීවිතේ හැටී...

තණබද්දේගම දන්නවා ද?





සුන්දර සිරිලක, රුහුණු පුරයේ, ඟඟබඩ පත්තුවට අයත් වූ සුන්දර ගම්මානයකි. තණබද්දේගම. සොබා දහම් මාතාවගේ දායාදයෙන් හිමි වූ සියළු සැප සම්පතින් පිරි පුණ්‍ය භූමියකි. ඇල්පිටිය මාපලගම ප්‍රධාන මාවතේ එක් ප්‍රධාන මංසන්ධියක් වූ තණබද්දේගම, රජයේ පාසලකින්, විහාරස්ථානයකින් ඇතුළු සියළු පහසුකම් වලින් යුක්ත වු ගම්මානයකි. කෘෂි කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් වැසියන් විසින් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රදේශයක් බව මේ ගම්මානයට පිවිසෙන ඕනෑම කෙනෙකුට පසක් වේ.

තව තොරතුරු -වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,,, මෙතන click කරන්න

අපි තාමත් පින්වන්තයි


පුංචි කාළේ ඉස්කෝලෙ ගිහින් බුද්ධාගම, ඉතිහාසය ඉගෙන ගන්න කොට අපි ආසම රජතුමා තමයි "දුටුගැමුණු " කියන්නෙ. "දුටු" කියල ඉස්සරහින් තිබුනත් අපි ඒ නමට තිබුණෙ කියා ගන්න බැරි ගෞරවයක්. ඒ අපේ පුංචි රට එළා‍රගෙන් බේර ගෙන අපට පාර කියපු බුදු දහමත් නඟා සිටවපු නිසා.
ඒත් ප්‍රභාකරන් මේ රට අල්ලන්න දත කද්දි, පාරක් පාරක් ගානේ සිංහලයො ටයර් සෑයවල් වල පිච්චෙද්දි, අපට අනේ! කියල කියවුණේ, හිතින් වැලපුනේ මේ රට බේරගන්න ආයෙත් පණ ඇති රජෙක් නැති වෙයිද කියල.
ඒත් අපි පවු කරපු ජාතියක් නෙමේ කියල අපි තාමත් අදහන්නෙ, අපිට රටක් වටින රජෙක් ආයෙත් ලැබුණ නිසයි. ඒ රජ්ජුරුවො ගැන අපි ආඩම්බර වෙන්නෙ එදා "දුටු ගැමුණු" "සපුමල් කුමාරය" ගැන සතුටු වෙන විදියට මයි. සිංහල කිරි බීපු අපේ සිංහල කොල්ලො මේ රට වෙනුවෙන් තුවක්කුව අතට ගත්තෙ "පුරන් අප්පු , ගොන්ගාලේගොඩ බණ්ඩා" ලාගේ හයිය පපුවට ම අරගෙන යි. ඒ හයිය පරද්දන්න මෙදා ප්‍රභාකරන් ට හිතන්න වත් බැරි වුණා. හිඟන්නෙක් වගේ ප්‍රභාකරන් මැරිල වැටෙද්දි මේ රට ආයෙත් නිදහස් ලංකාවක් වුණා. ඒ වීරයන්ගේ නාමයෙන් අද අපේ පැරණි රජවරු දිව්‍යලෝකෙ ඉඳන් සතුටු වෙනවා ඇති. මේ වීරයන් ගැන චිරාත් කාලයක් අපේ හිත්වල පවතීවි. මේ රට පවතින තාක් පුංචි එවුන් මේ වීරයන් ගැන රචනා ලියාවි.
 
Home | Gallery | Tutorials | Freebies | About Us | Contact Us

Copyright © 2009 පියවි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.