ආයුබෝවන් ‍ඔබ ආදරයෙන් පිළිගනිමි..
Grab Widget

මේ සිංදුව ගැන.....

මේ සිංදු දෙක ගැන ම බලන්න. ජීවිතය දෙපැත්තට ම යන්න දායක වෙන ජීවන සහකාරීය ගැන,,,,,

අතිනත ගත් දා ඉඳලා,
තම හිමිට සරණ දූ පුතුන් සරණ කළ
බිරින්ඳෑ වරුන් සංසාරේ
බුදු වරු වෙන්නද පෙරුම් පුරන්නේ..//
බිරින්ඳෑ වරුන් සංසාරේ....//

කරදර ලිපලා උයාපිහා ගෙන
සැමියාටයි දරුවන්ටයි කවලා
උන්ගෙම සතුටින් කුස පුරවා ගෙන
දුක් ගිනි කන්දක සැතපෙනවා...

අතිනත ගත් දා ........

කඳුලැළි වියළා හදතුල සඟවා
සෙනෙහස ආදරයෙන් බෙදලා
ගෙයි ගිනි ලිප මුල්ලකට දමාලා
සත් ගුන පමණක් මොලවනවා.....

අතිනත ගත් දා ........

------------------------------------------------

වනේ සතෙකුටත් නොවන්න අ‍නේ මගෙ දුක,
හදේ තියෙන වේදනාව ගහේ කටු මෙන,
ලයේ සැඟවුනා මදිවට අහෝ දෙන වධ,
සහේ ගිලිහුණා යන්තම් සුරැකුනා පණ...

හිතේ කටු අකුලෙ පීදෙන සොඳුරු මල් මත,
පෙනේ මඩ වගුර ඉහිරෙන අයුරු නිතරම,
ආයෙ පන්තියට ගියමුත් අකුරු කර කර,
නොවේ මල පොතක දැනුමක් වධක භාරිට...

වනේ සතෙකුටත් ......

ඉහේ මල් පිපුන ලස්සන දුටුව දවසෙ දී,
ඇහේ ඇති බබා සෙලවුණි නැහෑගෙන් මිදී,
මහෝදරට චූලෝදර වගෙයි ගෙදර දී,
නොවේ තරු නොදුටු දවසක් ජීවිතේ හැටී...

0 comments:

Post a Comment

 
Home | Gallery | Tutorials | Freebies | About Us | Contact Us

Copyright © 2009 පියවි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.