ආයුබෝවන් ‍ඔබ ආදරයෙන් පිළිගනිමි..
Grab Widget

අපි තාමත් පින්වන්තයි


පුංචි කාළේ ඉස්කෝලෙ ගිහින් බුද්ධාගම, ඉතිහාසය ඉගෙන ගන්න කොට අපි ආසම රජතුමා තමයි "දුටුගැමුණු " කියන්නෙ. "දුටු" කියල ඉස්සරහින් තිබුනත් අපි ඒ නමට තිබුණෙ කියා ගන්න බැරි ගෞරවයක්. ඒ අපේ පුංචි රට එළා‍රගෙන් බේර ගෙන අපට පාර කියපු බුදු දහමත් නඟා සිටවපු නිසා.
ඒත් ප්‍රභාකරන් මේ රට අල්ලන්න දත කද්දි, පාරක් පාරක් ගානේ සිංහලයො ටයර් සෑයවල් වල පිච්චෙද්දි, අපට අනේ! කියල කියවුණේ, හිතින් වැලපුනේ මේ රට බේරගන්න ආයෙත් පණ ඇති රජෙක් නැති වෙයිද කියල.
ඒත් අපි පවු කරපු ජාතියක් නෙමේ කියල අපි තාමත් අදහන්නෙ, අපිට රටක් වටින රජෙක් ආයෙත් ලැබුණ නිසයි. ඒ රජ්ජුරුවො ගැන අපි ආඩම්බර වෙන්නෙ එදා "දුටු ගැමුණු" "සපුමල් කුමාරය" ගැන සතුටු වෙන විදියට මයි. සිංහල කිරි බීපු අපේ සිංහල කොල්ලො මේ රට වෙනුවෙන් තුවක්කුව අතට ගත්තෙ "පුරන් අප්පු , ගොන්ගාලේගොඩ බණ්ඩා" ලාගේ හයිය පපුවට ම අරගෙන යි. ඒ හයිය පරද්දන්න මෙදා ප්‍රභාකරන් ට හිතන්න වත් බැරි වුණා. හිඟන්නෙක් වගේ ප්‍රභාකරන් මැරිල වැටෙද්දි මේ රට ආයෙත් නිදහස් ලංකාවක් වුණා. ඒ වීරයන්ගේ නාමයෙන් අද අපේ පැරණි රජවරු දිව්‍යලෝකෙ ඉඳන් සතුටු වෙනවා ඇති. මේ වීරයන් ගැන චිරාත් කාලයක් අපේ හිත්වල පවතීවි. මේ රට පවතින තාක් පුංචි එවුන් මේ වීරයන් ගැන රචනා ලියාවි.

1 comments:

AMILA CHINTHAKA said...

ඔව් සම්පත් ඒක ඇත්ත. අපට පින්වත් රජෙක් ලැබිල. ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි.

Post a Comment

 
Home | Gallery | Tutorials | Freebies | About Us | Contact Us

Copyright © 2009 පියවි |Designed by Templatemo |Converted to blogger by BloggerThemes.Net

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.